චීනයේ ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ටින් මාලු කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා රජය ආරාධනා කරන බවට වාර්තා පළ වන අතර එවැනි තත්වයක් හට ගත්තොත් දේශීය ටින් මාලු කර්මාන්ත කරුවන්ට විශාල බලපෑමක් සිදුවන අතර එමඟින් මෙරට ධීවර ජනතාවට ද විශාල ආර්ථික පාඩුවක් සිදුවන බව ද ටින් මාලු කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් කමල් අද්දරආරච්චි මහතා පැවසීය.
දේශීය ටින් මාලු කර්මාන්තය ඉහළ නංවනවා වෙනුවට ආනයනික ටින් මාළු සඳහා බදු සහන ලබාදීමට ආණ්ඩුව මේවන විටත් පියවර ගෙන ඇති බව ද එමගින් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කඩා බිද දමා ඇතැයිද කමල් අද්දරආරච්චි මහතා කීය.
ශ්‍රී ලංකාවේ පරිභෝජනයට දිනකට ටින් මාලු 175,000ක් පමණ අවශ්‍ය වන අතර එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම දේශීය ටින් මාලු කර්මාන්ත කරුවන්ට හැකියාව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...