ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර යම්කිසි න්‍යායාත්මක ගැටළුවක් ඇති වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව ඊයේ (29) ඇඹිලිපිටියේ පැවති මාධ්පාය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මේ බව අනාවරණය කළේය.
රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.
පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාට උවමනා කරන්නේ එජාපය වැටෙන්නට නොදී රැක ගැනීම බවත් ඔහු අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...