දේශීය පුවත්

තමන්ගේත් යම් යම් අඩුපාඩු පවතින බවත් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය (28) යටියන්තොට ප්‍රදේශයේ පැවති පොදුජන රළ සම්මන්ත්‍රණය අමතමිනි.

පුද්ගලිකව තමන්ගේත් අඩුපාඩු ඇති බවත් ඒවා පෙනෙන්නේ බලය අහිමි වූ පසුව බවත් බලය ඇතිදා තමන්ගේ අඩුපාඩු තමන්ට නොපෙනුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේවා වසන් කළ නොහැකි බවත් සියලු දෙනාම එකතු වී මෙම වැරදි නිවැරදි කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පෙබරවාරි පළාත් පාලන මැතිවරණයෙන් පසු මහත් උද්දාමයෙන් පසුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට දැන් දැන් තමන්ගේ වැරදි අඩුපාඩු මතක් වන ආකාරයක් පෙනෙන්නට තිබෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පසුගියදා ප්‍රකාශ කළේ පෙබරවාරි මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්ව ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More