දේශීය පුවත්

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්විමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ අද පැවැති සාකච්ඡාවකදී පැමිණි එකඟතාචවකට අනුව වර්ජනය අත්හිටුවිමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

වැටුප් ගැටළු විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල මඟින් ලබාදී ඇති තීන්දු ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් වර්ජනය සැලසුම් කර තිබුණි.

හෙට දිනයේ ඊට අදාළ ක්‍රියාමාර්ග දැනුම් දෙන බවට අදාළ අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබේ.
————————————
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තල රාජ්‍ය සේවයේ එම් දෙක (M2) වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද අදාළ දුම්රිය වෘත්තීය සමිති ඉහත ඉල්ලීම මුල්කර ගනිමින් දින 7 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

ඉන්පසු කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ ඉහත ඉල්ලීම විසඳීම සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එම කමිටුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කරමින් ඉහත දුම්රිය සේවකයන්ගේ වැටුප් තල වෙනස් කිරීමට එකඟතාව පළකර තිබුණි. එම ‍පොරොන්දුව මත දුම්රිය සේවකයන් දින 7 ක අඛණ්ඩ වර්ජනය අතහැර දැමීය.

කෙසේ වෙතත් අදාළ අනුකමිටුව දුම්රිය සේවකයන් වෙත ලබාදුන් එකඟතාව මාස 8 ක කාලයක් ගතව ඇතත් මතෛක් ඉටුකර නොමැති අතර මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර නොමැති බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

ආණ්ඩුව අදාළ එකඟතාව මතෛක් ඉටු නොකිරීමට එරෙහිව සහ සිය වැටුප් තලය ලබාගැනීම වෙනුවෙන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More