දේශීය පුවත්

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත් අශෝක් කුමාර් නැමත්තාගේ නිවසටත් එම ප්‍රදේශයේම ආවා කල්ලියට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට හා මාණිප්පායි පොලිස් වසමේ අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි අවා සාමාජිකයෙකුගේ නිවසටද මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවට පොලීසිය කියා සිටියේය.

යතුරුපැදි 4 කින් මුහුණ වසාගත් අටදෙනෙකුගෙන් යුත් පිරිසක් කඩු ඇතුලු තියුණු ආයුද සමග පැමිණි මෙම පිරිස් විසින් ඊයේ සවස 5.15 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුලදී නිවාස වලට පහරදීම සිදු කොට ඇති අතර ස්ථාන හතරෙම පිහිටි නිවාස වලට එකම කණ්ඩායම පහර දී ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාල පහරදීමෙන් නිවාස හතරෙම කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවුනද නිවාසයන්හි තිබූ යතුරු පැදි , පාපැදි ,සන්නිවේදන උපකරණ, දොර ජනෙල් , ආදී උපකරණ වෙතට දැඩි හානි සිදුව ඇති බවට අනවාරනය වී ඇත.

ආවා කල්ලියේ අශෝකන් නැමත්තා මේ දින වල සැගවී ඇති අතර ඔහු සෙවීමේ පොලිස් පරික්ෂණ සිදුවන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇති අතර ආවා කල්ලිය හෝ ධනු රොක් කල්ලිය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම පහර දීම ධනු රොක් කල්ලියේ පහරදීමක් බවට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කොට සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More