මෙරට ජනප්‍රියම දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට තමන්ද පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මිහින්තලය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අවුරුදු 3ක් මෛත්‍රී මහත්තයා හොඳයි යැයි පවසමින් ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත පුද්ගලයින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දැකලා ලබන සැරේ මන්ත්‍රීකම නැතිවෙයි කියලා 16 දෙනෙකු විරුද්ධ පක්ෂයට ගිය බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයෙක් සිටින පක්ෂය බවත් පත්වුණ සෑම ජනාධිපතිවරයෙක්ම දෙවරක් ජනාධිපති වු බවත්
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවරක් ජනාධිපති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හයිය ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...