නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන්නේ රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු පමණක් බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණූගම මහතා පවසයි.
පොදු ජන රළ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ(29) තෙල්දෙණියේදී පැවැත්වුණි.
එම රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
පළාත් සභා ඡන්දය පමණක් පැවත් වු පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටි 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වු අතර ඔවුන්ගෙන් ස්ථිර ස්තාවරයන් ඇති මන්ත්‍රීවරුන් පමණක් තම පක්ෂයට පිළිගන්නා බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
එම රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...