ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
වසන්ත සමරසිංහ මහතා ඒ බව කියා සිටියේ රට රකින,රට හදන ,ජනතාවාදි පාලනයක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් රට පුරා පවත්වන ජන හමුවේ නුවරඑලිය දිස්ත්‍රීත්තකයේ පළමු රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ඉකුත් රජය සමයේ ගුවන් යනා නිෂ්පාදිත සමාගමකට ඇණවුම් කර තිබු ගුවන් යානයක ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කල බවයි.
එම ගිවිසුම අවලංගු කිරිම සදහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ජනතා මුදල් රුපියල් කොටි 175 ක පමණ මුදලක් එම සමාගමට ගෙවා ඇති බවද ඒ මහතා පැවසිය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන් යානයක් අවශ්‍ය නම් ඉකුත් රජය මගින් ඇණවුම් කල ගුවන් යානයක් මිල දි ගැනිමට හැකියාව තිබියදි , එය අවලංගු කර පැය තුනක් වැනි කෙටි කාලයක ගුවන් ගමන් සඳහා ඒ 321 වර්ගයේ නව ගුවන් යානයක් මිල දි ගැනිම පිටුපස විශාල කොමිස් මුදලක් එම ගුවන් යානය මෙරටට ගෙන්විමට කටයුතු කළ අයට ලැබි ඇති බවද ඔහු පවසයි.
ඉන්ධන මිල වැඩි කිරිමේ මිල සුත්‍රය අනුව යලිත් වතාවක් ඉන්ධන මිල වැඩි වෙන බවත්, එසේ ඉන්ධන මිල වැඩි විමේ වාසිය මෙරට පෞද්ගලික ඉන්ධන සමාගමක් විසින් ලබා ගන්නා බවත් එ මහතා පවසයි.
මෙරට තුල දවසින් දවස අලුත් අලුත් මතෘකා ගෙන එමින් වත්මන් රජය රට පාලනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...