මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ලෙස තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
අලුත් නීතිය මෙතෙක් බලාත්මක නොවන නිසා පෙර පැවති නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්ය යුතුකමක් හා වගකීමක් තිබෙන බවයි ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ. එහෙයින් මැතිවරණය නොපවත්වා බලා සිටීමට මැතිවරණ කොමිෂන් සභාවට අයිතියක් නැති බව හෙතෙම කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ ව්‍යවස්ථානුකූල කාර්යභාරය මඟ නොහැර සිය වගකීම ඉටුකිරීමට බලකෙරෙන වටපිටාව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ලබා ගැනීමට කටයුතු කරන බව ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...