ඒකාබද්ධ විපක්ෂයේ අද (31දා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනකු ප්‍රථම වරට සහභාගි වීමට නියමිතය.
දහසය කණ්ඩායම වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී.ඡේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, හා එස්. බී. දිසානායක යන මන්ත්‍රීවරුන් මේ රැස්වීමට සහභාගි වන බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
මෙම පක්ෂ නායක රැස්වීම අද සවස 05 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...