දූෂණ විරෝධී සංවිධානයක් වන මහජන සභාවේ ප‍්‍රධානත්වය දරණ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩවාසය කරන නාරාහේන්පිට ධර්මායකනයට විදුලිය ලබාගෙන ඇත්තේ නීති විරෝධීව බව වාර්තාවේ.
මේ බව හෙලිව ඇත්තේ විදුලිබල මණ්ඩල නිලධාරීන් පිරිසක් පසුගිය දිනෙක එම විහාරස්ථානයේ රාජකාරී කටයුත්තක් සදහා පැමැණි අවස්ථාවේදීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෑම පුන් පොහෝදිනකම තෝරාගත් විහාරස්ථානයක ‘‘සදහයම් යාත‍්‍රා’’ වැඩසටහන පැවැත්වෙන සෑම විහාරස්ථානයකටම විදලි බල අමාත්‍යාංශය මගින් සූර්යබල ශක්ති කට්ටලයක් ලබා දේ.
ඒ අනුව විදුලිබලමණ්ඩල නිලධාරීන් පිරිසක් පසුගිය දිනෙක උලපනේ සුමංගල නාහිමියන්ගේ නාරාහේන්පිට ධර්මායතනයට පැමිණ ඇත්තේ ඒ පිළිබද මූලික කටයුතු සදහාය. නමත් එම විහාරස්ථානයට විදුලි බලය ඇත්තේ විදුලි මීටරයක් නොමැතිව බව ඔවුන්ට නිරීක්‍ෂණය වී ඇත. එලෙස විදුලි මීටරයක් නැත්තේ එම ස්ථානයට නීතිවිරෝධී අන්දමට විදුලිය ලබාගෙන ඇති බැවිනි. මෙම තත්වයෙන් අන්ද මන්ද වී ඇති විදුලිබල මණ්ඩල නිලධාරීන් පිරිස තම රාජකාරිය ඉටු කළ නොහැකිව ආපසු ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...