ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ලංකා ගුරැ සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා විසින් ‘‘සුරක්ෂා‘‘ පාසැල් සිසු රක්ෂණයේ අක්‍රමිකතා සොයා බලන ලෙස ඉල්ලා සිටියි.
ඔහුට අනුව එම රක්ෂණය සදහා රජය විසින් යොදවා ඇති රැපියල් මිලියන 2700ක මුදලින් 90% ඉන්දියානු රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරමින් ඇත.
වසරකට එපමණ විශාල මුදලක් රජයෙන් රක්ෂණ සමාගම් වලට ගෙවනු ලැබුවද මෙම වසරේ ජූනි මාසය වන විට සිසුන්ට ගෙවා ඇත්තේ මිලියන 52ක් බව ඔහු පවසයි.
තත්වය එසේ තිබියදී තවත් රැපියල් මිලියන 500ක් යොදවා රක්ෂණ අරමුල වැඩි කරන බව කීම දූෂණයට සූදානම් වීමක් බව එම ලිපිය මගින් ඔහු හුවා දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...