ඉදිරියේදි පැවැත්විමට නියමිත පලාත් පාලන මැතිවරණයට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය තනිව තරග වැදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් පුබාලපිල්ලෙයි ප‍්‍රශාන්තන් මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කිරිමෙන් පසවු මෙම තීරණයට එළඹී බව කී මහ ලේකම්වරයා එම පක්ෂය බෝට්ටුව ලකුණ යටතේ නැගෙනහිර පලාතේ පිහිටි පලාත් පාලන ආයතන වලට පමණක් තරග කිරිමට තීරණය කර ඇති බවද පැවැසීය.
සන්ධාන ගතවි තරග කිරිමට පක්ෂ කිහිපයක් කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල බවත් පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වන්නේ තනිව තරග කිරිම වන හෙයින් ත‍්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල පිහිටි තෝරාගත් පලාත් පාලන ආයතන වලට තරග කිරිමට මේ අනුව කටයුතු යොදා ඇති බවත් එමෙන්ම පළාත් පාලන මැතිවරණය සදහා තම පක්ෂයෙන් තරග කිරිමට විශ‍්‍රාමික වෛද්‍යවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ පිරිස් නාම යෝජනා ඉල්ලා ඇති හෙයින් ලබන 28 වැනිදා සිය පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා ඉල්ලා ඇත සියල්ලන්ම කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...