මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේ, මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක, භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් අද (01) දැනුවත් කළේය.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුන්නේ “යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් කූඨ ආකාරයට මහා සංඝරත්නය රාජ්‍ය නීති යාන්ත්රණයට යටත් කිරීම සඳහා සිදු කරනු ලබන්නක් බවත් ඒ හරහා භික්ෂූන් වහන්සේලා අතර විශාල භේද බින්නතා ඇති කිරීමටත් ඒ තුළින් ශාසනය සී සීකඩ යවන්නට කටයුතු කරන්නක්. බුද්ධ නීතියට නැතහොත් විනයට භීක්ෂූන් වහන්සේලා යටත් වෙනවා. ඒ වගේම රටේ නීතියට..අපරාධ නීතියට භීක්ෂූන් වහන්සේලා යටත් වෙනවා. හැබැයි මේ දෙක හැරෙන්නට සම්ප්රදාය නීතියක් කිරීම හරහා ශාසනය තුළ ප්‍රශ්න රැසක් ඇති වෙනවා.” යනුවෙනි.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභාවන්හි අනුමැතිය නොමැතිව රජයට කිසිසේත් මෙය අනුමත කිරීමට නොහැකි බවත් අභයතිස්ස හිමියෝ කීහ. අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසා සිටියේ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව රැස්වී ඉදිරි දිනකදී සාකච්ඡා කිරීමට නියමිත බවය.
මේ භික්ෂු කතිකාවත් පනත රාජ්‍ය නීති යාන්ත්රනයට මහා සංඝරත්නය යටත් කිරීම සදහා ගෙන එනු ලබන පනතක් ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මහනායක හිමියන් බැහැ දැක කරුණු පැහැදිලි කිරීමෙන් පසු මාධ්‍යයට කියයි
Gepostet von Lanka Lead News am Mittwoch, 1. August 2018
භික්ෂු කතිකාවත් පනත පිළිබද විවාදයකට එන්න
භික්ෂු කතිකාවත් පනත පිළිබද විවාදයකට එන්න විජේදාස රාජපක්ෂ මහතාට සහ කරූ ජයසූරිය මහතාට මාදුරුඔයේ ධම්මිස්සර හිමියන්ගෙන් අභියෝගයක්
Gepostet von Lanka Lead News am Mittwoch, 1. August 2018
භික්ෂු කතිකාවත් පනත පිළිබද මහනාහිමිවරු දැනුවත් කරති
භික්ෂු කතිකාවත් පනත පිළිබද මහනාහිමිවරු දැනුවත් කරති
Gepostet von Jaathika Sanwidana Ekamuthuwa am Mittwoch, 1. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...