දේශීය පුවත්

විනිසුරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප වැඩි කිරිමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නව වැටුප් ක්‍රමය කථානායක කරු ජයසූරිය මහතාගෙ අනුමැතිය සඳහාද ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි. මේ වැටුප් වැඩිවීම කෙරෙන්නේ ඉකුත් ජූලි මස 17 දා පැවැති පාර්ලිමේන්තු රැස්වී‌මේ තීරණයක් අනුවය.

මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ඒක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිමල් සිරිපාලද සිල්වා, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානයේ ඒම්.ඒ. සුමන්තිරන්, ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් සම්බන්ධ වී තිබේ.

මේ අනුව මැති ඇමති වැටුප ප්‍රතිශතයක් වශයෙන් සියයට 215 කින් පමණ වැඩිවෙනු ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.

මෙම වැටුප් වැඩිකිරීම මේ මාසයේ සිටම පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා හිඟ වැටුප්ද සමග ගෙවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් ගෙවූ රුපියල් 54,285ක වැටුප රුපියල් 120,000 දක්වාද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මෙතෙක් ගෙවූ වැටුප රුපියල් 63,500ක සිට රුපියල් 135000 දක්වාද ඇමති හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවූ රුපියල් 65,000ක වැටුප රුපියල් 140,000 දක්වා වැඩිකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පනතකට අනුව අධිකරණවල වැටුප් වැඩිකිරීමට අනුව මැති ඇමතිවරුන්ගේ වැටුප්ද වැඩිකිරිම කළ යුතු වෙයි.

අවසන්වරට 2016 වසරේදි අධිකරණවලට වැටුප් වැඩි වුවත් පක්ෂ නායකයන්‌ගේ තීරණයක් අනුව මැත ඇමති වැටුප වැඩි නොකිරිණි.

නමුත් මැති ඇමතිවරුන්ගේ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් හා රුපියල් 50,000ක දුරකථන දීමනාවක් ලබාදීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත් අලුත් වැටුප් වැඩිවීම සිදුවන්නේ එම රුපියල් 150,000ක දීමනාවට අමතරව බවත් දැනගන්නට තිබේ.

මීට අමතරව විවිධ අමාත්‍යාංශයන්හි කටයුතු අධික්ෂණය කිරීම වෙනුවෙන් පත්කළ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවන බවද පාර්ලිමෙන්තු නිලධාරීහු පවසති.

සුජිත් හේවාජුලිගේ (ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More