දේශීය පුවත්

පසුගිය මාස කිහිපය තුළ කුඩා වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පත් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නියඟය පැවති ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියා, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රුපියල් ලක්ෂය හා ඊට අඩුවෙන් ණය මුදල් ලබාගෙන ක්ෂුද්‍ර ණය උගුලට හසුවූ කාන්තාවන් 75000 කගේ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

එම ණය මුදල් රජය විසින් වසර 5 කින් කොටස් වශයෙන් ගෙවා දැමීමට රජය කටයුතු කරන බවත් එම මුදල් සඳහා එකතු වූ පොලී කපා හැරීමට එම සමාගම් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලය තුළ කුඩා මොටර් රථ ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පත්වූ බවත් පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ මාසයකට එන්ජින් ධාරීතාව 1000 ට වැඩි වාහන 4500 ක් ගෙන්වා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More