දේශීය පුවත්

ජනතාව ඉතා දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී රජය මන්ත්‍රීවරුන්ගේ වැටපු වැඩි කළොත් රජයට ඉතා ඉක්මනින්ම ගෙදර යාමට හැකිවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

කොළඹදී ඊයේ (2) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ කරුණු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් මේ අවස්ථාවේ වැඩි කිරීමට කටයුතු කිරීම අපිට අනුමත කරන්න බෑ. ජනතාව ඉතාම අසීරු තත්ත්වයක සිටිද්දී මන්ත්‍රී වැටුප වැඩිකර ගැනීම ගැන සතුටු වෙන්න බෑ. මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ අපි සාකච්ඡා කරලා අපේ ‍පොදු තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. ඒ වාගේම අපිට වැටුප් වැඩි වුණොත් ඒවත් යොදාගෙන මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවන්න අපි කටයුතු කරනවා. යැයිද මන්ත්‍රීවරයා කීවේය.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාවක් නොවන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති මංගල සමරවීර මහතා ද පවසා සිටි අතර මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන අතුරලියේ රතන හිමි සහ නාමල් රාජපක්ෂ සහ රන්ජන් රාමනායක ද විරෝධය පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More