රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද(03) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් පැවැත්වෙයි.
හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය ප්‍රකාශ කළේය.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද වර්ජනයට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය වර්ජනය අනුමත කළ නොහැකි බවයි.
වර්ජනයට හේතුවන ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ඉල්ලීම් නොවන බව ද ඔහු සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...