දේශීය පුවත්

ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටීම සම්බන්දයෙන් එක්සත් ජනතා නිදමහස් සන්දානයේ මහ ලේකම් මහින්ද අමරවීරගෙන් මතය විමසන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකු (70 ) අයත් බවත්, ඒ අනූව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන ලෙසත්, ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට (08) දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් 2018.07.30 දින ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

කිසියම් පක්ෂයකින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් , කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් මනාප මන්ත්‍රිවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක් ද ? යන්න විමසීම කථානායකවරයාගේ වගකීම වේ.

ඒ අනුව,. එම ලිපියේ අත්සන් තබා ඇති සියල්ලන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන බැවින්, අදාල ඉල්ලීම පිළිබඳව එම පක්ෂයේ නිල මතය දැන ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමතන ලද ලිපියක් 2018.08.02 දින එතුමන් වෙත යොමු කරන ලදි.

– කථානායක මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More