රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (03) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනය උදෑසන 8.00 සිට ආරම්භ කළේය.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින් වෛද්‍යවරුන් වැඩ වර්ජනය ආරම්භ කොට තිබුණි.
එසේවුවද හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය විසින් පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් වැඩ වර්ජනය හේතුවෙන් වෛද්‍යවරුන් රෝහල් ප්‍රතිකාර සේවාවලින් බැහැරව සිටිම හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්වන ආකාරයක් දකින්නට ලැබුණි.
එලෙස ප්‍රතිකාර ගැනීමට ගැනීමට නොහැකි වීම හේතුවෙන් පහසුතාවයට පත් ප්‍රදේශ කිහිපයක ජනතාව අප කැමරා කාචයේ මෙසේ සටහන් විය.
රොමේෂ් මදුශංඛ – වන්නි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...