ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත.
මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි සහ නිරවද්‍ය පිළිතුරු අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට දැනුම් දී තිබේ.
ශ්‍රි ලංකා නීතීඥ සංගමය එහි ශ්‍රවණාගාරයේදී ඊයේ (23) පවත්වන ලද විශේෂ රැස්වීමකදී ගන්නා ලද තීරණයකට අනුව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මඟින් රජයට මේ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය යොමු කළ ප්‍රශ්නාවලිය මෙසේය.
01. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?
02. (අ) ශ්‍රි ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද?
(ආ) එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න.
03. පළාත් වලට කුමන බලතල පවරන්නේද?
04 (අ) මධ්‍යම රජයට හෝ පාර්ලිමෙන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද?
(ආ) එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද?
05. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද?
06. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද?
07. (අ) අධිකරණ ව්‍යුහය කුමක්ද?
(ආ) ව්‍යවස්ථාවක අධිකරණයක් තිබේද?
(ඇ) එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
08. (අ) ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචානාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
(ආ) 1. එම පත් කිරීම් සඳහා යම් ක්‍රමවේදයක් තිබේද?
2. එසේ නම්, ඒ ක්‍රමවේදය කුමක්ද?
09. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද?
10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ වල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්ථාන මාරූ කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද?
11. (අ) ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මුලික අයිතිවාසිකම් මොනවාද?
(ආ) එම මුලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද?
12. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...