මීට සුළු මොහොතකට පෙර පොළොන්නරුවේ නගරයේ පැවැත්වෙන ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවයි.
කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙය මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන කාලයක් නොවන බවත් 2015 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ බවත් දීමනා වැඩි කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා වශයෙන් තමාට මාසිකව ලැබෙන වැටුප රුපියල් 95000 ක් බවත් 2016 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපතිවරයාගේ වැටුප් වැඩි කරන ලෙසද යෝජනා කළ බවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
තමන් ගන්නා වැටුප මෙන් පස් ගුණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප් ලබා ගන්නා බවත් වැටුප් දීමනා ඇතුළුව ලක්ෂ 4 කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් ලබාගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...