මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධ අර්බුදයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් විරෝධී ජනපවුරේ තීරණයකට අනුව ලබන 06 වෙනිදාට ආරම්භ කරන මාරාන්තික උපවාසයට සහභාගී වීම සඳහා දෙමාපියන් කීප දෙනෙකු සිය අවසන් කැමති පත්‍රයද ලියා ඇතැයි වාර්තා වේ.
එම මාරාන්තික උපවාසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් ලබන 29වනදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වීට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි වෛද්‍ය සිසුන්, වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, පීඨාධිපතිවරු, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් කොතෙකුත් ඉල්ලීම් කළද එයට නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...