නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අඛන්ඩව සහය ලබාදෙන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
පසුගිය පළමු වැනිදා සිට මෙරට සිව්දින සංචාරයක නිරත වුණු ඇය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහිදී ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් වූව ද සම්පූර්ණ සාමය සහ සෞභාග්‍යය උදා වී නොමැති බවයි.
මේ අතර පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සමග ද සාකච්ඡාවක නිරත විය.
මෙරට මානව හිමිකම් ප්‍රර්ධනයට පොදුරාජ්‍ය මණ්ඩලයීය මණ්ඩලයේ සහයෝගය ලබාදෙන බව මහලේකම්වරිය ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...