දේශීය පුවත්

මෙවර උසස්‌ පෙළ විභාගය සඳහා අයෑදුම්කරුවෝ 3,21,469 දෙනෙක්‌ පෙනී සිටිති. ඉන් 2,44,146 දෙනෙක්‌ පාසල් අයෑදුම්කරුවෝ වෙති.

විභාග මධ්‍යස්‌ථාන 2268 කදී විභාගය පැවැත්වෙන අතර, එම සියලුම මධ්‍යස්‌ථාන සඳහා අතිරේක ශාලාධිපතිවරයකු බැගින් පත් කිරීමට දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා තිබේ.

ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් උසස් පෙළ විභාග වංචාවක් සිදු කළහොත් වසර 05කට විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගවලට පෙනී සිටීම තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවසර නොමැති කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම මෙන්ම පාසල් තුළ සිදුකරන ඉදිකිරීම් කටයුතු, උපකාරක පන්ති පැවැත්වීම, ක්‍රීඩා උත්සව සහ රැස්වීම් පැවැත්වීම ආදියද තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

විභාග කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කණ්ඩායම් සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි යොදවා තිබෙන බවද ඔහු පවසා සිටියේය.

විභාගය පවත්වන අවස්ථාවේදී අයදුම්කරුවන්ට බාධාවක් සිදුවන ආකාරයට බාහිර පාර්ශ්වයන්ගෙන් බාධා සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට දන්වන ලෙසට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

විභාගය පැවැත්වීමට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණ අසු ගන්නා ලෙසත්, අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍ර‘වේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.

උසස් පෙළ විභාගය අද (06දා) සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වේ.

යම් විභාග වංචාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ 0112 784 208, 0112 784 537 හෝ 1911 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට හෝ 0112,421,111, 119 දුරකථන ඔස්සේ පොලිස් මූලස්ථානයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට දන්වන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More