පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතළ යැයි එම රෝහල අද (7) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන් පැය කිහිපයකට පසු පස්වරු 6 45ට නිවේදනයක් නිකුත් කරමින් එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
————————————————————
කරුණානිධිගේ තත්වය බරපතලයි
ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කරුණානිධි මහතාගේ තත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.
ඊයේ රාත‍්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ‍්‍රයේ ම රැඳී සිටි අතර රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.
එමෙන් ම ඉදිරි පැය 24 අවදානම් සහගත යැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...