දේශීය පුවත්

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය.

ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම තේවත්ත කුරුස හංදියේ සිට වලාපොල දෙසට යන මාර්ගයේ මුල් කොටසේ අවිධිමත් කානු පද්ධතියක් තිබීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට උරණවී ඩෝල්ටන් මන්ත්‍රීවරයා මෙසේ කාන්තා තනපටයක් ප්‍රදර්ශනය කළේය.

තමාගේ නිවස ඉලක්ක කරගෙන පෞද්ගලිකව මඩ ගැසීමේ අදහසින් මහින්ද ජයසිංහ මහතා පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මෙම ප්‍රශ්නය යොමු කර තිබෙන බවත්, මහින්ද ජයසිංහ මහතා චීත්ත වැඩ සිදුකරන බවත් ජානක ඩෝල්ටන් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේය.

ජානක ඩෝල්ටන් මහතාගේ මෙම හැසිරීම සම්බන්ධව අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වූ අතර ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේ පළාත් සභාව තුළට පැමිණීමේදී ආරක්ෂක අංශ විසින් මන්ත්‍රීවරුන්ගේ මුදල් පසුම්බි පවා පරීක්ෂාවට ලක් කරන බැවින් ඩෝල්ටන් මහතා කාන්තා යට ඇඳුමක් සභාව තුළට රැගෙන ආ ආකාරය ගැන සොයා බැලිය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More