මත්තල ඇතුලු ගුවන්තොටුපලවල් විකුනා දමමින් හෝ වෙනත් ක්‍රමවේදයන් මගින් ඉන්දියාවට පවරා දීමට කටයුතු කිරීම යහපාලන ආන්ඩුවේ ආර්ථික ක්‍රියාවලියේ මූලිකාංගය බවට පත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් පාලනය සහ නියාමනය සම්බන්ධව වගකීම ඇති සිවිල් ගුවන් අධිකාරියට ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරෙන බව එහි සේවකයන්ගේ මතයයි.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සන්විධානයේ(ICAO) විගනන නිලධාරීන් පවා නොමඟ යවා මෙතෙක් එලි දක්වා නොමැති ගැසට් පත්‍රයක් ව්‍යාජ ලෙස පෙන්වා විගනනය සමත් කරවා ගැනීමට පවා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සූක්ෂම වී ඇති බවයි.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහල දමා තිබීම සැක සහිත බව නම සඳහන් කිරීමට අකමැතිවූ සේවකයන් පිරිසක් අප වෙත දන්වා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...