වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතර තුර හදිසියේ රෝගී වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමට හේතුව අධික විෂක් ශරිරගත වි සියලු පද්ධති අක්‍රිය විම බව පානදුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙය මිනී මැරුමක් බවද ඒ මහතා අද (07) කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි පැවසීය.
දින කිහිපයක් ගත වුවත් මෙම උත්සවය සංවිධානය කළ පුද්ගලයෙකු හෝ අත්අඩංගුවට නොගැනිමට හේතුව එම සාදය පිටුපස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන හස්තයක් තිබිම බවද ඒ මහතා පවසයි.
තවද මෙම උත්සවය සඳහා පානදුර පොලිසියේ උසස් නිලධාරියෙකුටද ආරාධනා පතක් හිමි වි ඇති බවත් අදාල උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය අවසර පත් ලබා ගැනීමට පැමින ඇත්තේ විශ්‍රාම ලත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ඇති කිරිමට කෙතරම් උත්සහ කළද එය සිදු කළ නොහැති බවත් වත්මන් ආණ්ඩුව ජාතියේ දරුවන් මත්ද්‍රව්‍යකරුවන් බවට පත් කරමින් සිටින බවටත් ජයන්ත සමරවීර මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...