එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා දෙහිවල පැවති රැස්වීමකට එක්වෙමින්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ඊයේ(07) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්විය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා කවුරුන්ද යන්න දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටි බවත්, මුළු රටම තම පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව දන්නා බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා විසින් නිර්මාණය කළ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂය පෝෂණය කළ බවත් එහෙම පක්ෂය සිටින ගමන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිරිකොත තුළ රැඳී දයාසිරි ජයසේකර මහතාට ඇති ප්‍රතිපත්තිය කුමක්ද යන්න රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
දායාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වීඳුරු ගෙවල් තුළ සිටිමින් ගල් ගසන බව ද පැවසු මන්ත්‍රීවරයා කොන්ද කෙලින් තියා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගත හැකි ඕනෑම අයෙකුට තම පක්ෂය වෙත පැමිණිය හැකි බවත්, එය ඩබල් ගේම් ගසන අයට කිසි විටෙකත් විවෘත වී නොමැති බවත් රෝහිත අබේගුවර්ධන මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...