පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමට නියමිතව තිබූ පස්වරු 6.30ට පෙර කාලය දීර්ඝ කරගැනීමට නොහැකි වීම නිසා, සාපරාධී කාරණාවලදී අනේයාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට ඊයේ (07දා) නොහැකිවිය.
පස්වරු 6.25ට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා පනත පිළිබඳ කටයුතු අවසන් කිරීම සඳහා කාලය දීර්ඝ කිරීමට යෝජනා කරන ලෙස සභාවට දැනුම්දුන් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටීම නිසා මෙම තත්ත්වය උද්ගත විය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ඝෝෂාව මැද්දේ පස්වරු 6.30ට සභාව කල් තැබූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ස්කන්ධරාසා මන්ත්‍රිවරියට දැනුම් දුන් අවස්ථාවේ එම යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බව රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබ මැදට පැමිණ විරෝධය පළ කරද්දී නියෝජ්‍ය කථානායකවරයා සභාවේ කටයුතු අවසන් බව ප්‍රකාශ කර මූලාසනයෙන් ඉවත්ව යද්දී වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර සෙංකෝලය රැගෙන සභා ගැබෙන් පිටතට ගියේය.
ලෝකයේ ආණ්ඩුවක් රණවිරුවන් දඩයමට ගෙනාපු දුෂ්ඨතම හා දරුණුතම නීතිය පිළිබඳව විමල් කළ සුවිශේෂි හෙළිදරව්ව2018-08-07 සාපරාධී කාරණ වලදී අන්‍යේන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී විමල් වීරවංශයන් දැක්වූ අදහස්
Gepostet von Wimal weerawansa am Dienstag, 7. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...