දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකුගේ ගෝලයන් පිරිසක් විසින් කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා සභාව අද (08) වාද්දුව පොලිසිය අසල විරෝධතාවක නිරතව සිටියහ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ද ඇරයුම් කරමින් වාද්දුව හෝටලයක පැවැත්වූ සුපිරි සාදයේදී තරුණයන් 04 දෙනෙකු මියගොස් ඇති බව ද මෙහිදී විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකා, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා නායිකා හසිනි ද සිල්වා මෙනවිය සදහන් කළේ වාද්දුවෙන් ඇරඹි මෙම විරෝධතා ව්‍යාපාරය, කළුතර දිසාවේ තරුණ, තරුණියන් මත් උවදුරින් බේරා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව දිස්ත්‍රික්කය පුරාම දියත් කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More