ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(8) පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය
‘‘ගිය වසරට වඩා මෙම වසර අවසානයේ අපේ රටට විදේශ විනිමය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව යොදවන සම්බාධක නිසා ඊළඟ මාස කිහිපයේදී තෙල් මිල වෙනස් වීමට ඉඩ තිබෙනවා. එසේ තෙල් මිල වැඩි වුණොත් අපට ඊට මුහුණ දීමට සිදුවෙනවා.
ඇමෙරිකාව සහ චීනය අතර ඇති බදු අර්බුදයන් අපට බලපානවා.හෙට අනිද්දා ඇතිවන තත්ත්වය ගැන කියන්න බැහැ.අපි තෙල් මිලදී ගන්නේ ඉරානයෙන්.මේ තෙල් මිල වැඩිවීම කෙටිකාලීනව තිබුනොත් හොඳයි. අපටත් යම් සීමාවක් තිබෙනවා.‘‘ යැයි අගමැතිවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...