දේශීය පුවත්

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වෙසෙන ව්‍යාජ නිවාස ලයිස්තුවක් පවා මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළ අතර එම කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දෙන අයුරු ද දැකගත හැකි විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

'

''මගේ ඥාතීන් කිසිවකු හොර සල්ලි අච්චු ගහලාත් නැහැ. නිදන් හාරලාත් නැහැ. ඒ වගේම නිවාස අමාත්‍යාංශයෙන් ලබාදුන්නා යැයි කියන නිවාස භුක්ති විඳින්නේත් නැහැ. බොරු චෝදනා ඔප්පු කළොත් ඉල්ලා අස් වෙනවා. මේ පිළිබඳව හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න'' – විමල්ගෙන් සජිත්ට අභියෝගයක්නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.අද (09) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වෙසෙන ව්‍යාජ නිවාස ලයිස්තුවක් පවා මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළ අතර එම කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දෙන අයුරු ද දැකගත හැකි විය.අනුරුද්ධ බණ්ඩාර රණවාරණමාධ්‍ය ලේකම්ජාතික නිදහස් පෙරමුණ2018/08/09

Gepostet von Wimal weerawansa am Donnerstag, 9. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More