ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණි.
එම මධ්‍යම කාරක සභාව සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16දෙනාගෙන් සිවු දෙනෙකු ද සහභාගි වී සිටියහ.
එසේ සහභාගි වී සිටියේ එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්ය.
ඊට සහභාගී වූ දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේ මෙම රැස්වීම සඳහා සහභාගී වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් ඉතාම සාධනීය අදහස් පළ කළ බවය. එමෙන්ම 16 කණ්ඩායමේ තවත් කිහිපදෙනෙකු ඉදිරි වකවාණුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල පිහිටුවීම සදහා සෘජුව සම්බන්ධ වන බව එස්.බී දිසානායක මෙම රැස්වීමේදී ප්‍රකාශ කළ බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රීලනපය හා එජාපය එක්ව පිහිටුවාගත් ජාතික ආණ්ඩුව තුල තවදුරටත් රැඳී සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනා බවට 16 කණ්ඩායම විසින් අවස්ථා කිහිපයකදීම පැවසුවද මෙම මධ්‍යම කාරක සභාවේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන හෝ යෝජනාවක් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...