ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්‌ඩායම ඉතා ඉක්‌මනින් ආණ්‌ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රීලනිපයේ නායකත්වය සහ බලය ලබා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
එළැඹෙන ශ්‍රීලනිප සංවත්සරයේදී හෝ ආණ්aඩුවෙන් ඉවත් විය යුතුයි කියන යෝජනාව සම්මත කරගත යුතු යෑයි ද ඩිලාන් පෙරේරා මහතා ඊයේ (09 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 23 දෙනාගෙන් බහුතරයක් එළියට ගැනීමෙන් පසු ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්‌ඩුවක් පිහිටුවීම ස්‌ථිර යෑයි ද ඒ මහතා කීවේය.
ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන විරෝධතාවලට සක්‍රීයව දායකත්වය ලබාදීමට ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීරණය කළ බව ද, ඉවත් වූ 16 කණ්‌ඩායම අතර කිසිදු බෙදීමක් නැතැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආණ්‌ඩුවක් බිහි කර ගැනීම සඳහා ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වහාම ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු යෑයි ද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...