නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවසන් කමිටු වාර්තාව සකස් කළ පසු මහානායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අද ජනමාධය අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශශක දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව පැවසීය.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට රටතළ විශාල විරෝධයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම සියලු නිකායන්හි භික්ෂුන් වහන්සේලා විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් දැනට ඇත්තේ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් එකතුවක් මිස අවසන් වාර්තාවක් නොවන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය.
භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම නොකළ යුතු බව යැයි පෙන්වා දුන් මාධ්‍යවේදීන්, ඊට මුහුණදීමට ආණ්ඩුවට ශක්තියක් තිබේදැයි නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයාගෙන් සෘජු පිළිතුරක් ලැබුණේ නැත.
දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දිය යුතුව තිබේ. නැතහොත් ත්‍රස්තවාදය යළි හිස ඔසවනු ඇත. එනිසා නව ව්‍යවස්ථාවක් වෙනුවට වෙනවත් විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...