වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවයට නොපැමිණියහොත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට අදාළ කටයුතු ඉදිරි සතියේදී සිදු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ලබන සදුදායින් පසු වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවයට වාර්තා නොකරන්නේ නම් එ් පිළිබද තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ වැඩිදුරටත් සදහන්කර සිටියි.
දුම්රිය නිල නිවාසවල සිටින සේවකයින්ද ඉන් ඉවත් කිරීමට කටයුතු කරන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැටුප් වැඩි කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොතකමින් දුම්රිය වෘත්තීය සමිති සිදුකරන මෙම වර්ජනය අසාධාරණ බවය.
කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද (12) පස්වන දිනටත් ක්‍රියාත්මකයි. සිය ගැටලු විසඳීම සඳහා බලධාරීන් අද දිනයේ හෝ සාකච්ඡාවක් ලබා දෙනු ඇති බවට දුම්රිය වෘත්තීය සමිති නායකයින් විශ්වාසය පළ කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...