දේශීය පුවත්

ලොව පළමුවරට “ග්ලයිෆොසේට් අඩංගු වල්නාශක පිළිකා සඳහා හේතුකාරක වී ඇතැයි යන්න මත පදනම් වෙමින් ” අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

“ලේ පිළිකාවකට” ගොදුරු වූ පුද්ගලයෙක් ග්ලයිෆොසේට් ඇතුළත් වල්නාශක හේතුවෙන් තමා පිළිකාවට ගොදුරු වූ බවට චෝදනා කර , එම වල්නාශක නිෂ්පාදනය කරන මොන්සෙන්ටෝ සමාගමට එරෙහිව නඩුවක් පවරා තිබූ අතර ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙස ජූරි සභාව අදාල සමාගමට නියෝග කර ඇත.

මෙවන් ජූරි සභා තීන්දුවක් ප්‍රකාශයට පත්වන්නේ මගින් ‘තේ සහ රබර් වගාවට අදාළව ග්ලයිෆොසේට් තහනම යළි ඉවත් කිරීමට’ ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති පසුබිමකය.

පිළිකාවකට ගොදුරු වූ අමෙරිකාවේ ඩ්වේන් ජොන්සන් නමැති පුද්ගලයකු ලොව සුපතල කෘෂි රසායන සමාගමක් වන මොන්සන්ටෝ සමාගමට එරෙහිව පසුගියදා නඩුවක් පවරා තිබුණේ එහි වල්නාශක නිෂ්පාදන හේතුවෙන් තමා පිළිකාවට ගොදුරු වූ බවට චෝදනා කරමින්ය.

අදාල නඩුව විභාග කළ කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව ප්‍රකාශ කර ඇත්තේ මොන්සන්ටෝ සමාගමේ නිෂ්පාදන වන රවුන්ඩ් අප් සහ රේන්ජර් ප්‍රෝ යන වල්නාශක අනතුරුදායක මට්ටමක පවතින බව එම සමාගම දැන සිටියත් ඔවුන් ඒ පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වී ඇති බවය.

මෙම වල්නාශකවල ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළද පසුගිය කාලයේ ආන්දෝලනයට තඩුදුන් ග්ලයිෆොසේට් රසායනිකයයි.

ඒ අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක සිය පිළිකා රෝගයට හේතු වූ බව පවසමින් නඩු පැවරූ ඩ්වේන් ජොන්සන් නමැත්තාට අමෙරිකානු ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙස කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව මොන්සන්ටෝ කෘෂි රසායන සමාගමට නියෝග කර තිබේ.

ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතුකාරක වී ඇති බවට එල්ල කෙරෙන චෝදනාව මත විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණු ලොව පළමු නඩුව මෙයයි.

කෙසේ වෙතත් ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතු වන බවට එල්ල වන සියලු චෝදනා මොන්සන්ටෝ කෘෂි රසායන සමාගම ප්‍රතික්ෂේප කරන අතර අදාළ නඩු තීන්දුව සම්බන්ධව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.

” පෙනෙන ආකාරයට ග්ලයි‍ෆොසේට් පිළිකාවලට හේතුකාරකයක් වීමේ හැකියාවක් ඇතැයි” පිළිකා පිළිබඳ පර්යේෂණ සිදුකරන ජාත්‍යන්තර ඒජන්සිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා ඒජන්සියද 2015 වසරේදී සඳහන් කර තිබූ අතර එක්සත්ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය පවසා තිබුනේ ග්ලයිෆොසේට් පරෙස්සමින් භාවිත කරන්නේ නම් එය සුරක්ෂිත වන බවයි.

2014 වසරේ දෙසැම්බර් මසදී පළමු වරට මෙරට තුළ දිස්ත්‍රික්ක පහක් සඳහා ග්ලයිෆොසේට් තහනම් කෙරුණු අතර පසුව 2015 ඔක්තෝබර් 23 වැනිදා ග්ලයිෆොසේට් ආනයනය ජනපතිවරයාගේ මැදිහත්වීමෙන් තහනම් කරනු ලැබුවාය.

ඒ කෘෂිකාර්මික වකුගඩු රෝගයට එහි සෘජු ලෙස සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශ වීමෙන් පසුවයි.

මෙලෙස කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව ග්ලයිෆොසේට්වලට අදාලව දුන් තීන්දුව සහ ශ්‍රි ලංකා රජය ග්ලයි‍ෆොසේට් තහනම සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙත පිළිබඳව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා, රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය අචන්න ජයසුමන මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද දෙරණ කළ විමසීමකදි අදහස් පළකළේය.

ada derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More