දේශීය පුවත්

සභා කටයුතු කාරක සභාව පළාත් සභාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒවායේ මිල තීරණය කරන තැනක් නොවන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා සඳහන් පවසයි.

මේ වන විට බස්නාහිර පළාත් සභාවේ මතුව ඇති පුටු ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව පවසා සිටියේය.

බස්නාහිර පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාව තමන් නියෝජනය කළද කිසිදු අවස්ථාවක බෙල්ජියමෙන් හෝ වෙනත් තැනකින් පුටුවක් රුපියල් 6,40,000කට මිලදී ගත යුතු බවට සාකච්ජාවක් නොවුණු බව නිපුනආරච්චි පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේ මෙම පුටු මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී නිපුනආරච්චි මහතාද එම සභා කටයුතු කාරක සභාව නියෝජනය කළ බවය.

එම පුටු මිලදී ගැනීම සිදුවන්නේ කාගේවත් මුදල් වලින් නොව බස්නාහිර පළාත් සභාවේ මුදල් වලින් බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත් සභාව ආදායම් උපයන්නේ බස්නාහිර පළාතේ ජනතාවගේ බදු මුදලින් බව පෙන්පවා දෙන මන්ත්‍රීවරයා සභාවේ දේපළ වලට මහ ඇමතිවරයාට අයිතියක් නොමැති බව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More