දේශීය පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සහ බන්ධනාගාර ජේලර්වරියන් අතර පෙරේදා (11) දහවල් ඇතිවූ ගැටමුකින් රැඳවියන් සහ කාන්තා අංශ ජේලර්වරියන් තුවාල ලැබූ බව බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

කාන්තා අංශයේ සිරමැදිරි තුළ සිටින කාන්තාවන් එහිම වෙනත් ස්ථානවලට මාරුකිරීමට උත්සාහ කිරීම නිසා ඊට එරෙහි වූ කාන්තා රැඳවියන් හා බන්ධනාගාර ජේලර්වරියන් අතර ඇතිවූ බහින්බස්වීම අනතුරුව ගැටුමකට පරිවර්තනය වී තිබේ.

බන්ධනාගාරයේ කාන්තා අංශය තුළද සිදුවන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තා රැඳවියන් කල්ලි ගැසී සංවිධානාත්මක ලෙස සිදුකරන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමේ අරමුණින් මෙම කාන්තා රැඳවියන්ගේ සිරමැදිරි වෙනස් කිරීමට ජේලර්වරියන් උත්සාහ කර තිබෙන්නේ බන්ධනාගාර ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මතය.
රැඳවියන් කණ්ඩායම් වශයෙන් වෙන්කොට වෙනත් සිරමැදිරි වෙත යොමු කිරීමට එරෙහිව කාන්තා රැඳවියන් ජේලර්වරියන්ට බැණ වැදී, බහින්බස්වී තිබෙන බවත් මේ අවස්ථාවේදී ජේලර්වරියන් සහ කාන්තා රැඳවියන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

පෙරේදා (11) දහවල් 1.00 සිට සවස 3.30 දක්වා පැවැති මෙම ගැටුමේදී ජේලර්වරියන් කාන්තා රැඳවියනට බඳ පටියෙන් දමා ගැසීමත්, රැඳවියන් ජේලර්වරියන්ට බෝතල්වලින් දමා ගැසීම නිසාත් ඇතිවූ තත්ත්වය මැඩ පවත්වා ගැනීමට නොහැකිව පිරිමි ජේලර්වරුන්ද කැඳවීමට සිදුව ඇති බව පැවැසෙයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද (13) උදෑසන සිට වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. මෙම පිරිස 15ක් පමණවෙතැයි පැවසෙන අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More