දේශීය පුවත්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (13) සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය මෙතෙක් සිදු කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග සදහන්කරයි.

උන්වහන්සේගේ හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක් පවතින බැවින් ශල්‍යකර්මය සඳහා නිර්වින්ධනය කිරීමේදී ගැටළුවක් මතුවීමට ඉඩ ඇති බව වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පවසයි.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැය 48ක පමණ කාලයක් ඥාණසාර හිමියන්ගේ හෘද ස්පන්ධනය පරීක්ෂා කිරීමෙන් අනතුරැව බොහෝදුරට එම සැත්කම සිදු කිරීමට නිර්දේශ කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More