පසුගිය බ‍්‍රහස්පතින්දා (09 ) උතුරු යේමනයේ සාඩා ප‍්‍රාන්තයේ ඩයාන් නම් වෙළඳපොළ පෙදෙසේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යේමන් සන්ධානීය රජයේ හමුදා විසින් එල්ල කරන ලද මිලිටරි ප‍්‍රහාරයෙන් මේ වන විට මිය ගිය ගණන 50 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් 40 ක් ම කුඩා දරුවන් වේ. බරපතළ තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 79 කි.
‘ජාත්‍යන්තර මානව හිතවාදී නීතිය’ උල්ලංඝනය කරමින් සිදු කරන ලද මේ ප‍්‍රහාරය ‘සාධාරණ මිලිටරි ප‍්‍රහාරයක්’ බවට රජයේ හමුදා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියි.
2015 සිට යේමනයේ හූති කැරලිකරුවන් හා රජය අතර හට ගත් සටන් මඟින් මිය ගිය ළමුන් ගණන 2400 කි.
යේමන් සන්ධාන රජය සඳහා සෞදි අරාබිය සිය මිලිටරි සහය ලබා දෙයි. කෙසේවෙතත් හූති කැරලි නායකයන් ප‍්‍රකාශ කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදු කරණ මිලිටරි ප‍්‍රහාර වල වගකීම රජය භාර ගත යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...