‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් නොගෙන රට දිනෙන් දිනම අගාධයට රැගෙන යන මේ ආණ්ඩුවට එම පණිවිඩය යළි වෙනත් අයුරකින් ලබා දෙන දිනය ‘සැප්තැම්බර් 05 වැනිදා’ බවත් එදිනට ලක්‍ෂ සංඛ්‍යාත ආණ්ඩු විරෝධී ජන ගඟකින් කොළඹ නගරය පිරී ඉතිරී යනු ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
බත්තරමුල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී ‘රට බෙදන – රට විකුණන – රට වනසන – පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය කොළඹට’ යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
‘පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව මේ පරපුටු ආණ්ඩුවට කන පැළෙන උත්තරයක් ලබා දුන්නා. පළාත් පාලන මැතිවරණවලින් මේ රටේ ඉතිහාසය පුරා ජයග්‍රහණය කළේ බලයේ සිටි ආණ්ඩුවයි. නමුත් බලයේ ඉන්න ආණ්ඩුව පරදවා, කලින් බලයේ සිටි පිරිසට පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය එදා මේ රටේ ජනතාව විසින් ලබා දුන්නා.
එවැනි මැතිවරණයකින් එවැනි පණිවිඩයක් ලබා දුන්නත් මේ ආණ්ඩුව එම පණිවිඩය භාර ගත්තේ නැහැ. එවැනි පණිවිඩයකින් පසුවත් මේ ආණ්ඩුව බැහැලා යන්නේ නැත්තම් කුමක්ද කළ යුත්තේ ? මහ පාරේ අරගලය දියත් කිරීමයි. ‘තවදුරටත් මේ රට වනසන්නේ නැතිව අපට වද නොදී පලයල්ලා’ කියන පණිවිඩය ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා ලබාදිය යුතුයි.
ඒ දිනය තමයි 2018 සැප්තැම්බර් මාසයේ 05 වැනිදා. ඒ සටනට අපි දැන් සිටම සැරසෙමුෟ ‘දැන්වත් බැහැලා පලයල්ලා’ කියා 2018 පෙබරවාරි 10 වැනිදා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් සියලුදෙනා එදාට කොළඹට රොද බඳිමු ‘පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුව පලවා හරින සටන ජයග්‍රහණයෙන් කෙළවර කරමුෟ”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...