දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී අද රැස්‌වන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමේදී සාකච්ඡාකර මෙම තීරණය ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පක්‍ෂ නායක රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තම කණ්‌ඩායම පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඉන්පසු විපක්‍ෂ නායක ධූරය පිළිබඳව තීරණය ගත යුත්තේ මෙම කථානායකවරයාම බවත් හෙතෙම පැවැසීය.

විපක්‍ෂයේ වැඩි බහුතරයක්‌ සිටින කණ්‌ඩායමක්‌ ලෙස විපක්‍ෂයේ කාර්ය භාරය ඉතා පැහැදිලිව ඉටු කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය බැවින් තම කණ්‌ඩායම පාර්ලිමේන්තුව තුළ මෙතෙක්‌ කටයුතු කළේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සම්පූර්ණ වගකීම ඇත්තේ කථානායකවරයාට බැවින් හෘද සාක්‍ෂියට අනුව කථානායකවරයා බහුතරයක්‌ සිටින ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායක ධූරය ලබාදිය යුතු බවද රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More