දේශීය පුවත්

උතුරේදී යළිත් වරක්‌ බුදු පිළිම ආරවුලක්‌ හට ගෙන තිබේ. ඒ කිළිනොච්චිය විශ්වවිද්‍යාල භූමිය තුළ බුදුමැඳුරක්‌ ස්‌ථාපිත කිරීමත් සමගිනි. දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චියේ සිටින දේශපාලනඥයන් කියා සිටින්නේ විශ්වවිද්‍යාලය තුළ සිංහල බෞද්ධයන් ඉතා සුළු ප්‍රමාණයක්‌ සිටියදී බුදු මැඳුරට ඉහළ තැනක්‌ ලබා දී ඇති බවයි.

මේ විශ්වවිද්‍යාලයේ හින්දු බැතිමතුන් විශාල ප්‍රමාණයක්‌ සිටින නමුත් විශ්වවිද්‍යාලය තුළ ඉදිකොට ඇති හින්දු කෝවිලට කිසිදු විශේෂත්වයක්‌ ලබා නොදී එය ගමක ප්‍රාථමික කෝවිලකටත් වඩා අඩු සැලකිල්ලකින් යුතුව නිම කොට ඇති බව කිළිනොච්චියේ දේශපාලනඥයෝ පෙන්වා දෙයි.

කිළිනොච්චියේ විශ්වවිද්‍යාල සිසුන් කියා සිටින්නේ ඒ තුළ බුදු මැදුරක්‌ ඉදිකිරීමට පෙර බෞද්ධ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ලෙකම්වරයාට දැනුම් දී ආගමික ස්‌ථාන ඉදිකිරීම සඳහා වෙන් කොට ඇති බිමෙන් බුදු මැඳුර ඉදිකිරීමට ස්‌ථානයක්‌ වෙන් කරගත් බවයි. නමුත් හින්දු සිසුන් බුදු මැඳුරක්‌ ඉදිවන දෙස බලමින් ඊට විරෝධය පාන්නට මෙන් කිසිම අවසරයක්‌ ලබා නොගෙන විශ්වවිද්‍යාල භූමියේ තැනක පොල් අතු මඩුවක්‌ තනා එය කෝවිලක්‌ බවට පත් කිරීම නිසා නැති ප්‍රශ්නයක්‌ මේ අවස්‌ථාවේදී උද්ගතව ඇති බව ඔවුන් කියා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More