දේශීය පුවත්

මහනායක හිමිවරුන් ඇතුළු ව මහා සංඝරත්නයේ අති බහුතර හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා ආණ්ඩුව විසින් අහුලාගත් ථේරවාදී භික්ෂු කතිකාවත් පනත නැවත වටයකින් ගෙන ඒමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ.

ඒ සඳහා පළමු පියවර ලෙස ශාසනාරක්ෂක බල මණ්ඩලවල නායක භික්ෂුන් වහන්සේලා සඳහා වැඩමුළුවක් බුද්ධ ශාසන අමාත්‍යංශ නිලධාරීන් විසින් සංවිධානය කොට ඇත.

ඊයේ දින සිට අද දින දක්වා දින දෙකක් මුළුල්ලේ පැවැත්වෙන එම විශේෂ වැඩමුළුව සංවිධානය කොට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් මීපේ ප්‍රදේශයේ පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථානයකය.

එම වැඩමුළුවට ප්‍රධාන පෙළේ කිසිදු නායක භික්ෂූන් වහන්සේ නමක් සහභාගි වී නොමැති අතර නිලධාරීන්ගේ දේශන ප්‍රධාන වශයෙන් පනත සාධාරණීකරණය කිරීම සඳහා සාදා ගන්නා බවටද වාර්තා වේ.

අප වෙත තොරතුරු ලබාදුන් ඊට සහභාගි වූ භික්ෂූන් වහන්සේගේ මතය අනුව එම වැඩමුළුව සංවිධානය කොට ඇත්තේ භික්ෂුන් වහන්සේගේ මොළ සේදීම අරමුණු කොට ගෙන ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More