පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කරන බව හැකිනම් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වාඩිවී සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවද එම නිසා කිසිවෙකුටත් ස්‌වාධීනව කටයුතු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
පොහොට්‌ටුවෙන් තෙරීපත්වූ කිසිම මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුව තුළ නැතැයිද පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මෙම පිරිස වාඩිවී සිටින්නෙත් පක්‍ෂයෙන් ලබාදුන් අවසරය මත යෑයිද ලේකම්වරයා අවධාරණය කළේය.
කැමැත්තෙන් පක්‍ෂයෙන් ඉවත් වන්නේනම් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා විනය පරීක්‍ෂණ පැවැත්වීමකින් තොරව පුරප්පාඩු වන මන්ත්‍රී තනතුරු සඳහා අලුතින් මන්ත්‍රීවරුන් පත්කරන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය පමණක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...