දේශීය පුවත්

පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පළ කළේය.

වෘත්තීයවේදීන්ගේ ජනතාවගේ දැවැන්ත විරෝධය නිසා දෙපාරක්ම එක්ටා අත්සන් කරන්න ඔන්න මෙන්න තියා ගිවිසුම හකුල ගන්න සිදු වුණා. මුලින් සීපා විදියට අත්සන් කරන්න ගිහිල්ලා නැවතුනා. ඊට පස්සේ එක්ටා විදියට අත්සන් කරන්න ගිහිල්ලා නැවතුනා. මේ ගිවිසුම අත්සන් කළා ලක් මාතාව කියන කිරි එළදෙනගේ කිරි ටික දොවා ගන්න බැරි උනාට ඉන්දියාව ඉන්නේ හරිම කේන්තියෙන්. තමන්ගේ ස්වාමියාට දුන් පොරොන්දුව ඉටු කරගන්න බැරි වුණු නිසා ලංකා ආණ්ඩුව ඉන්නෙත් කනස්සල්ලෙන්. ඒ නිසා අපි දකින්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම එක්ටා ගිවිසුම හොර පාරෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම විදියටයි. ඉන්දියාවට එක්ටා ගිවිසුම අත්සන් කිරීමේ උවමනාවක් නැති වෙනවා සිංගප්පූරුවත් එක්ක අත්සන් කරලා තියෙන මේ ගිවිසුම නිසා.

අපි උදාහරණයක් විදියට ගත්තොත් ඉන්දියාවේ සමාගම් විශාල ප්‍රමාණයක් සිංගප්පූරුවේ ලියාපදිංචි වෙලා තිබෙනවා සිංගප්පූරු සමාගම් විදියට. සිංගප්පූරුව අද පවතින්නේ වාණිජ කේන්ද්‍රයක් විදියට නිසා එහෙම සමාගම් සිංගප්පූරුවේ ලියාපදිංචි කර ගැනීම ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරයක්. ඒ නිසා සිංගප්පූරු සමාගම් විදියට ඒ සමාගම්වල සේවය කිරීමේ පදනමින් ගෘහ සේවකයන්, රියදුරන්, අරක්කැමියන්, කරණවෑමියන්, මේ සියලුම රැකියා ටික ශ්‍රී ලංකාව ඇතුළට ඉන්දියානුවන්ගේ පැමිණීම එක්ටා නොමැති වුවත් සිදුවීමේ අවධානමක් සිංගප්පූරු ගිවිසුම හරහා ඇති කරලා තිබෙනවා.

මේ ගිවිසුමේ හැටියට සිංගප්පූරුවෙන් තල, බඩ ඉරිගු, බෝංචි, බද්දෙන් තොරව ආනයනය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා අපි ඔක්කොම දන්නවා සිංගප්පූරුව කියන්නේ වසර හතළිහකට පෙර මුඩුබිමක්. බඩ ඉරිඟු, බෝංචි, තල නෙවෙයි තණකොළ ගහක් හැදුනේ නැති මුඩුබිමක්. ඕස්ට්‍රේලියාවෙන් පස් ගෙනල්ලා ගෙනල්ලා තමයි සිංගප්පූරුවේ මුලින්ම තණකොළ වැව්වේ.

දැන් ඉතාම දුෂ්කර ක්‍රියාවක් කරමින් සිංගප්පූරුවේ ගස්වැල් නඩත්තු කරමින් යනවා. එහේ බඩ ඉරිඟු වගාවක් නැහැ. තල වගාවක් නෑ, බෝංචි වගාවක් නෑ. එහෙනම් මොකටද සිංගප්පූරුවෙන් ආනයනය කරන මෙම භාණ්ඩ වලට බදු සහන ලබා දීලා තියෙන්නේ මේ ගිවිසුම හරහා. සිංගප්පූරුවේ මේවා වැවෙන්නේ නැති වුණාට ඉන්දියාවේ නම් යහමින් වැවෙනවා. මේ එක්ටා ගිවිසුමයි සිංගප්පූරු ගිවිසුම හරහා කරලා තියෙන්නේ. ඔටුවෝ ගේනවා කියලා තියෙනවා ලංකාවට. සිංගප්පූරුවේ ඔටුවෝ ඉන්නවාද? හැබැයි ඉන්දියාවේ ඔටුවෝ ඉන්නවා.

ඒ නිසා අපිට මේ ගිවිසුමේ දකින්න තියෙන එකම හොඳ දේ තමයි තීරු බද්ද කින් තොරව ලංකාවේ ඉන්න බූරුවන්ව සිංගප්පූරුවට අපනයනය කරන්න පුළුවන් කියලා තියෙ එක. රට කරන බූරුවන්ව බදු සහන සහිතවම සිංගප්පූරුවට යවා ගත්තොත් රට බේරගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ ගිවිසුම හරහා අලි ඇත්තු වඳුරන් පමණක් නොවෙයි පුරාවස්තු පවා බද්දෙන් තොරව අපනයනය කරන්න පුළුවන්.

මේ අතර ජනාධිපතිතුමාට පොඩ්ඩක් රත් වෙලා. ඒ පිළිබඳව සොයාබලා මාස දෙකක් ඇතුළත වාර්තා කරන්න බොහොම ගෞරව කරන ඩබ්.ඩී ලක්ෂ්මන් මහාචාර්යතුමා ඇතුළු පිරිසක් පත් කර තිබෙනවා. අපට තිබෙන ප්‍රශ්නය මාස දෙකක් ගත වෙනකොට මේ රටේ තිබෙන ජෛව විවිධත්වය බුරුතු පිටින් රට පටවලා නම් දහස්ගණනක උරුමය තොග පිටින් පිටරට පටවලා නම් මේ ගිවිසුම අහෝසි කරන්න කියලා ජනාධිපතිතුමාට නිර්දේශයක් ඇවිල්ලා, ජනාධිපතිතුමා ගිවිසුම අහෝසි කරත් රටට වෙන හානිය ඒ වන විට වෙලා ඉවරයි.

ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, ස්තාලය වැසිය යුත්තේ අශ්වයා පැන යාමට පෙරයි. ඒ නිසා මේ විද්වතුන්ගේ කමිටුව විසින් තමන්ගෙ නිර්දේශය ඉදිරිපත් කරන තුරුවත් මේ ගිවිසුමේ ක්‍රියාත්මක වීම අත්හිටුවන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමන්ගෙන් බල කරලා ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More