ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අද (16) අභාවප‍්‍රාප්ත විය.තෙවරක් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබ වූ අතල් බිහාරි වජ්පායි මහතා මිය යනවිට 93 වියේ පසුවිය.
අසනීප තත්ත්වය හේතුවෙන් පසුගිය සති කිහිපයේදී අවස්ථා කිහිපයකදීම රෝහල් ගත කළ හිටපු අග‍්‍රාමාත්‍යවරයා අභාවප‍්‍රාප්ත වූයේ ද නව දිල්ලි නුවර ‘ඒ.අයි.අයි.එම්.එස්’ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.
වසර 2009 සිට ඔහු විවිධ රෝගාබාධවලින් පීඩා වින්දේය. ඉන්දීය අග‍්‍රාමාත්‍යධූරයට පත්වූ පළමු භාරතීය ජනතා පක්ෂ නායකයා වන වජ්පායි මහතා වසර පහක අග‍්‍රාමාත්‍ය ධුර කාලය අවසන් කළ පළමු කොංග‍්‍රස් පක්ෂ නොවන නායකයා ද වේ.
වසර 1924 දෙසැම්බර් 25 වැනිදා ග්වලියෝර් හිදී උපත ලැබූ වජ්පායි මහතා අවස්ථා දහයකදී ප‍්‍රාන්ත හතරකින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාවට තේරී පත්වූයේය. වසර 1957 දී උත්තර ප‍්‍රදේශයේ බාල්රාම්පූර් ආසනයට තරග කරමින් ඔහු පළමු වරට ලෝක සභාවට තේරී පත්වූයේය. ඔහු දෙවරක් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ කටයුතු කළේය.
භාරතීය ජන සාන්ග් හෙවත් ජාන් සාන්ග් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ අතල් බිහාරි වජ්පායි මහතා 1968 දී එහි සභාපතිධූරයට පත්වූයේය. අතල් බිහාරි වජ්පායි අවස්ථා ති‍්‍රත්වයකදී ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යධූරයට පත්විය. පළමු වරට 1996 වසරේදී අග‍්‍රාමාත්‍යධූරයට පත්වූ අතල් බිහාරි වජ්පායි මහතා 1998 සිට 1999 දක්වාත් 1999 සිට 2004 දක්වාත් අග‍්‍රාමාත්‍යධූරය හෙබවීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...